අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වෙච්ඡාවෙන්ම අඩුකරගෙන ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, බලශක්ති අර්බුදය හේතුවෙන් රටට ජනතාවට පූර්වාදර්ශයක් සැපයීම සඳහා සියලු අමාත්‍යවරුන් පොදු එකඟතාවකට පැමිණ මෙම තීරණය ගෙන ඇති බවය.
මෙම තීරණයට සමගාමීව අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකර ගැනීමට පියවර ගෙන තිබේ.
ගෝලීය බලශක්ති අර්බුදය සහ පවතින වියළි කාලගුණය හමුවේ ජලය සහ විදුලිය සුරකීම සඳහා රාජ්‍ය ආයතන පළාත් පාලන ආයතන මෙන්ම රටේ සමස්ත පුරවැසියන් ද වගකීමෙන් යුතුව දායක විය යුතු බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසයි.


