“ඒන්ජල් රොක්” නැමති කඳු ගැටයට ගොඩබිම සිට පිහිනා ගිය චීන තරුණියක් දියවැලකට හසුවෙයි

නිලාවේලි පරවි දූපත ආසන්නයේ පිහිටි “ඒන්ජල් රොක්” නැමති කඳු ගැටයට ගොඩබිම සිට පිහිනා ගිය චීන තරුණියක් ආපසු ගොඩබිමට පීහිනමින් සිටියදි දියවැලකට හසුව ගසාගෙන යද්දි පරවි දූපතේ ස්ථානගත පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු එම චීන තරුණිය ඊ⁣⁣⁣යේ (31)  බේරා ගැනීමට සමත්වූහ.

                ගොඩබිම සිට කිලෝමීටර තුනක් දුරින් පිහිටි කඳු පන්තියට පීහිනා ගිය චින තරුණිය යළි ගොඩබිමට පිහිනද්දී මෙම අනතුර සිදුවී ඇති අතර සංචාරක බෝට්ටු පදවන්නෙකු විසින් ගසාගෙන යන චීන තරුණිය දැක මේ බව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට දැනුම්දී තිබුණි.ඒ අනුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලූෂ රුවන් ජයවර්ධන මහතාගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මකවූ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් සැරයන්  (66365) සමරසිංහ කොස්තාපල්වරුන් වන (61954) රණතුංග (83481) දර්ශන යන නිලධාරීහු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අයත් ඩිංගි යාත්‍රාවකින් ගොස් එම ප්‍රදේශීය නිරීක්ෂණය කර තරුණිය බේරාගෙන ගොඩබිමට රැගෙන ඒමට සමත්වූහ.

             මූලික ප්‍රථමාධාර ලබාදී විසිඑක් හැවිරිදි මෙම චීන තරුණිය ප්‍රකෘති තත්ත්වයට පත්වීමේන් පසු නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලය වෙත භාරදීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු කටයුතු කලහ.මෙම චීන තරුණිය ලංකාවට තනියම පැමිණ ඇති අතර නවාතැන් ගෙන සිටි සංචාරක හෝටලයෙන් ලබාගත් පාපැදියකින් නිලාවේලි වෙරළ තීරයට පැමිණ ඇතැයි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු පැවසූහ.

අමදෝරු අමරජීව – ත්‍රිකුණාමලය

Leave a Reply

Your email address will not be published.