සියළු සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කරන්න – අමාත්‍ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ 2026 වර්ෂයේ පළමු කාර්තුවේ ප්‍රගති සමාලෝචන හමුව පසුගියදා(07) විෂය භාර අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වා තිබෙනවා .

ඒ අනූව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපර්තමේන්තුව, ග්‍රාමීය සංර්වර්ධන කාර්යංශය, වැඩිහිටි තැනැත්තන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය, ජාතික සමාජ සංවර්ධන ආයතනය, සමාජ ආරක්ෂණ මණ්ඩලය, ග්‍රාම සංර්වර්ධන අභ්‍යාස හා පර්යේෂණ ආයතනය, ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා හවුල්කාරිත්ව මහලේකම් කාර්යාලය, රාජ්‍ය නොවන සංවිධන සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය සහ උපදේශන අංශය යන ආයතනයන් හි 2026 වසරේ ක්‍රියාත්මක සංර්වර්ධන ව්‍යාපෘති පිළිබඳවයි එහිදී අවධානය යොමු කර ඇත්තේ .

විශේෂයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක අස්වැසුම ලාභීන් සවි බල ගැන්වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමටත්, ග්‍රාමීය සංවර්ධන කාර්යංශය හා ප්‍රජා ශක්ති ජාතික මහලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ප්‍රජා ශක්ති වැඩසටහන අපේක්ෂිත ඉලක්ක කරා සාර්ථකව යොමු කිරීමටත් එහිදී උපදෙස් ලබා දී තිබෙනවා .

අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සියළුම සංවර්ධන වැඩසටහන් නිසි පරිදි අධීක්ෂණය කරමින් රාජ්‍ය මූල්‍ය විධිවිධාන අනුගමනය කරමින් ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා .

Leave a Reply

Your email address will not be published.