රුසියානු ජනපති පුටින් චීනයට

දෙදින නිල සංචාරයක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් චීනයේ බීජිං නුවරට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංචාරයේදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් වේ.

රුසියානු ජනාධිපතිවරයාගේ සංචාරයට සමගාමීව බීජිං නුවර ආරක්ෂාව ද දැඩි කර තිබූ බව වාර්තා වෙයි.

අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සිය චීන සංචාරය අවසන් කර සතියක් යාමට මත්තෙන් මෙම රාජ්‍යතාන්ත්‍රික සංචාරය සංවිධාන වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published.