ඩුබායි සිට පිටුවහල් කළ පාතාල සාමාජිකයින් 21 දෙනෙකු දිවයිනට

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ බවට වාර්තා වන පාතාල සාමාජිකයින් 21 දෙනෙකු අද (22) උදෑසන රැගෙනවිත් තිබේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා කිහිපයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත හරවා යැවූ අතර, එම ගුවන් යානා කිහිපයක මෙම පිරිස රැගෙන ආ බව වාර්තා වේ.

මෙම පාතාල සාමාජිකයින් අතර “මහවත්තේ චාමර” සහ “කුඩු දුමින්ද” ද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.

“මහවත්තේ චාමර” මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට නියමිත අතර, අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.