මනම්පිටිය, මහවැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු ගසකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ මහවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා සහ තවත් පිරිසක් එක්ව ගසක් කපා ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මනම්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.


