මෙරටින් නිදහස් වූ ඉන්දීය ධීවරයින් 30ක් චෙන්නායි වෙත

මෙරට බන්ධනාගාරවලින් නිදහස් කරන ලද ඉන්දීය ධීවරයින් 30 දෙනෙකු චෙන්නායි වෙත ළඟා වී තිබේ.

ඊයේ (02) එම ධීවරයින් මෙලෙස ඉන්දියාව බලා පිටත් වූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.

එම ධීවරයින් මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු ධීවර කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගත කළ අතර රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමෙන් පසු, ඔවුන්ව ඉන්දීය බලධාරීන් විසින් නිදහස් කර සිය රට වෙත ගෙන්වන ලදි.

Leave a Reply

Your email address will not be published.