සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන මෝදර නිපුන නැමැත්තාගේ සහෝදරයෙකු වන මෝදර චතුර සහ බ්ලූමැන්ඩල් සංඛ නැමැති අපරාධකරුවන් දෙදෙනා දිවයිනට රැගෙන විත් තිබේ.
සැකකරුවන් දෙදෙනා ඊයේ (13) රාත්‍රියේදී මෙරටට රැගෙන එනු ලැබූ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කර තිබුණි.
මොවුන් මෙරටින් පළා ගොස් අබුඩාබි නුවර සැඟවී සිටින අතරතුර මැදපෙරදිග යුද්ධයේ ඉරානය විසින් ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡයාරූප සහ වීඩියෝ දර්ශන සිය ජංගම දුරකථනවල රඳවා තබා ගෙන සිටියදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර පසුව මෙරටට පිටුවහල් කර ඇත.
සැකකරුවන් දෙදෙනා ගුවන්තොටුපොළ වෙත පැමිණි පසු ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෝදර චතුර කොළඹ, නාරහෙන්පිට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන ගොස් තිබේ.
එමෙන්ම බ්ලූමැන්ඩල් සංඛ තවදුරටත් ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවද වාර්තා වේ.


