උඩවලව සහ අවට ප්‍රදේශ කිහිපයකට පැය 13ක ජල කප්පාදුවක්

උඩවලව නගරය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

උඩවලව ජල සම්පාදන යෝජනා ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තාවකාලික ජල සැපයුම් අත්හිටුවීම සිදු කෙරේ.

ඒ අනුව උඩවලව නගරය සහ RET නගර සීමාව ආශ්‍රිත ප්‍රදේශවලට හෙට (17) බදාදා පෙරවරු 9.00 සිට එදින පස්වරු 10.00 දක්වා පැය 13ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇත.

මෙම කාලය තුළ පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.