ඉරාන ප්‍රහාරයට පළිගන්න ට්‍රම්ප් සුදානමින් – තෙල් මිල යළි ඉහළට

ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් අනතුරුව එයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ ගෝලීය තෙල් මිල යළි ඉහළ ගොස් තිබේ. 

මෙම තත්ත්වය තුළ ඉරාන – අමෙරිකා ගැටුම කෙටිකාලීනව හෝ විසඳෙනු ඇතැයි පැවති අපේක්ෂා බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඒ අනුව ඊයේ (29) දිනයේ දී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, එය අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස් ඇත. 

WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.93ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. 

මේ අතර, අමෙරිකානු බොරතෙල් සංචිත මිලියන 3.3ක බැරල් ප්‍රමාණයකින් අඩුවී ඇති බව කර්මාන්ත දත්ත පෙන්වා දෙයි.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ, මැදපෙරදිග උණුසුම් වන ආරක්ෂක තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත්, ඉදිරි දිනවලදී ගෝලීය බලශක්ති වෙළෙඳපොළ සහ මූල්‍ය වෙළෙඳපොළ තවදුරටත් අස්ථාවර විය හැකි බවය.

Leave a Reply

Your email address will not be published.