වලංගු බලපත්‍රයක් නොමැති ටින් මාළු නිෂ්පාදන ආයතනයක් වටලයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පන්නල, ඇලබඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින් මාළු නිෂ්පාදනය කිරීමේ ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (7) වටලනු ලැබීය.

පාරිභෝගික සේවා අධිකාරියට ලද තොරතුරකට අනුව එම අධිකාරියේ තරගකාරීත්ව ප්‍රවර්ධන අංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී රුපියල් ලක්ෂ 15කට ආසන්න වටිනාකමකින් යුත් ටින් මාළු තොගයක් සිය භාරයට ගැනීමට සමත්ව තිබේ.

මෙම ස්ථානයේ නිෂ්පාදනය කරනු ලබන ටින් මාළු සුපිරි වෙළෙඳසැල්වලට අලෙවි කරන බවට තොරතුරු අනාවරණය වී ඇත.

එහි නිෂ්පාදිත දිනය සඳහන් නොකිරීම, එම ටින් මාළු ගබඩාකර තබාගැනීම හා අලෙවිකිරීම සහ බෙදාැරීම යන චෝදනා යටතේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

අත්අඩංගුවට සැකකරුවන් හා ටින් මාළු තොගය කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.