යුක්රේනයේ කියෙව් නගරයට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 09 දෙනෙකු මියගොස් තිබේ.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ අතර, රුසියාව විසින් යුක්රේනය වෙත එල්ල කරන බැලැස්ටික් මිසයිල ප්‍රහාර තවදුරටත් තීව්ර කර තිබේ.


