ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ සිව්වන දිනය අද

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (13) සිව්වන දිනටත් පැවැත්වේ.

සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අභියසින් 10වැනිදා ආරම්භ වූ අතර පාගමන වරකාපොල, නිට්ටඹුව, කඩවත නගර පසු කරමින් ලබන 15 වනදා වන විට කොළඹට ළගා වීමට නියමිත බව සදහන්.

ඒ අනුව අද දිනයේ වරකාපොල නගරයෙන් ආරම්භ වී නිට්ටඹුව නගරය වෙත පා ගමන ලඟා වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *