ලිට්‍රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ගැන රජය ගත් තීරණය

2027 වසර සඳහා ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) සැපයීමේ කොන්ත්‍රාත්තුව OQ Trading Limited සමාගම වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, 2027 ජනවාරි 1 වැනිදා සිට මාස 12ක කාලයක් සඳහා LPG මෙට්‍රික් ටොන් 420,000ක්, සියයට 20ක වැඩිවීමේ හෝ අඩුවීමේ හැකියාවක් සහිතව සැපයීමට නියමිතය.

එහිදී අවම වශයෙන් මෙට්‍රික් ටොන් 336,000ක සැපයුමක් සහතික කර තිබේ.

ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීම යටතේ ලංසු 4ක් ලැබී ඇති අතර, ඒවා ඇගයීමෙන් අනතුරුව අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට නිර්දේශ කර ඇත.

ඒ අනුව, සෞදි අරම්කෝ කොන්ත්‍රාත් මිලට අමතරව මෙට්‍රික් ටොන් එකකට ඇමෙරිකානු ඩොලර් 133.93ක මුදලක් එක් කරමින්, රක්ෂණ හා ප්‍රවාහන ගාස්තු ඇතුළත් (CIF) මිල පදනම යටතේ මෙම සැපයුම සිදුකෙරෙනු ඇත.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *