නීතීවිරෝධී ලෙස අලෙවි කිරීමට උත්සාහ කළ විදේශීය දුම්වැටි 1,042 සමග පුද්ගලයෙකු ඊයේ (16) නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ, වයස අවුරුදු 22ක් වන අම්බලන්තොට ප්රදේශයේ පදිංචිකරුවෙකි.
දකුණු නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා කාවන්තිස්ස ආයතනය හම්බන්තොට වරාය පොලීසිය හා එක්ව, සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත.
එම සැකකරු සහ විදේශීය දුම්වැටි තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා හම්බන්තොට වරාය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.


