‘ආපදා ප්‍රතිසංස්කරණ හා ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති මෙහෙයුම් කාර්යාලයේ’ සේවා නිල වශයෙන් ආරම්භ කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
පසුගිය ‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් දිවයිනේ මහාමාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම හදිසි ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු සහ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මෙම කාර්යාලය ස්ථාපිත කර ඇත.
‘දිට්වා’ පශ්චාත් ආපදා ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය කඩිනමින් හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම මෙන්ම අනෙකුත් ග්‍රාමීය සංවර්ධන සහ ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම වෙනුවෙන් මෙම විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ආරම්භ කර ඇති බවද සඳහන්.
එය බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි ‘මගනැගුම මහමැදුර’ කාර්යාල පරිශ්‍රයේ 9 වන මහලේ ස්ථාපිත කර ඇත.
‘දිට්වා’ ව්‍යසනයෙන් හානියට පත් මහාමාර්ග, ග්‍රාමීය මාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් සඳහා ස්ථිර ප්‍රතිසංස්කරණ කටයුතු ආයතනික ඒකාබද්ධ සැලැස්මකට අනුව මෙම විශේෂ ව්‍යාපෘති ඒකකය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම ආපදා ප්‍රතිසංස්කරණ හා ග්‍රාමීය මාර්ග ව්‍යාපෘති කළමනාකරණ ඒකකය යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකක (PIU) හතරක් ස්ථාපිත කර ඇත.
1. උතුර, උතුරුමැද සහ වයඹ පලාත් (PIU)
2. බස්නාහිර, සබරගමුව සහ දකුණු පලාත් (PIU)
3. ඌව සහ නැගෙනහිර පලාත් (PIU)
4. මධ්‍යම පලාත (PIU)
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකක හතරේ කටයුතු විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය (PMU) සමඟ සම්බන්ධීකරණය කරමින් සිදු කෙරේ.
මෙම නව මෙහෙයුම් හා පරිපාලන ව්‍යුහය යටතේ සියලුම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, 2027 වසර තුළ ‘දිට්වා’ ආපදාවෙන් හානියට පත් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති 285ක් සහ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති 756ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
‘දිට්වා’ ආපදාවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීම සහ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීම සඳහා රුපියල් බිලියන 168ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇත.


