යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත මඩිහ මුහුදු තීරය නිරීක්ෂණය කරමින් සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් සැකකටයුතු ධීවර යාත්‍රාවක් හඳුනාගෙන ලුහුබැඳ ගොස් වෙරළ ආරක්ෂක බුද්ධි නිලධාරීන්ට දැනුම් දී ඇති අතර, ඒ අනුව වෙරළ ආරක්ෂක සහ නාවික හමුදා බුද්ධි නිලධාරීන් එක්ව එම යාත්‍රාව අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවේදී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන පොහොර උර 16ක් සොයාගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය රැගෙන යෑමට පැමිණි බවට සැක කෙරෙන වාහන දෙකක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇති අතර, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ යුද හමුදා බුද්ධි අංශ එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




