රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමාකිරීම ගැන නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමාකරමින් මීට පෙර නිකුත් කළ චක්‍රලේඛයේ විධිවිධාන දැනට රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන 2022.07.24 දිනය සහ එදින සිට ඉදිරි මාසයක කාලසීමාවක් සඳහා වලංගු වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇත.
අදාළ චක්‍රලේඛ වැරදි ලෙස උපයෝගී කරගෙන සේවයට වාර්තා කළ හැකි නිලධරයින් ද සේවයට වාර්තා නොකරන තත්ත්වයක් උද්ගත නොවීමට වගබලාගත යුතු බවද ඉන් පෙන්වා දෙයි.
මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉටුකළ හැකි රාජකාරී සඳහා සහ අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යෑමට අවශ්‍ය කාර්යය මණ්ඩල කැඳවීමට මෙම චක්‍රලේඛයේ විධිවිධාන බාධාවන් නොවන බවද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කළ අදාළ චක්‍රලේඛයේ දැක්වෙයි.