ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්නැයි සිංගප්පූරුවේදී පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර සංවිධානයක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත අපරාධ පැමිණිල්ලක් ගොනුකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

ඒ, 2009 වසරේ මෙරට සිවිල් යුද්ධය අතරතුරදී ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ චෝදනා කරමිනි.

මෙරට පැවති සිවිල් යුද සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළ ආකාරය මුල් කරගෙන ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්, දකුණු අප්‍රිකාව පදනම් කරගත් සංවිධානයක ක්‍රියාකාරීන් පිරිසක් සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත එම අපරාධ පැමිණිල්ලක් ගොනුකර ඇති බව රොයිටස් පුවත් සේවය පවසයි.

පැමිණිල්ල ඉදිරිපත් කළ “ජාත්‍යන්තර සත්‍ය හා යුක්තිය ව්‍යාපෘතිය” නමැති කණ්ඩායම පවසන්නේ 2009 වර්ෂයේ පැවති යුද්ධය අතරතුරදී, එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජිනීවා සම්මුතීන් බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.