අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, රංගන ලක්මාල්, ළහිරු වීරසේකර, එරංග ගුණසේකර සහ ජීවන්ත පිරිස් පියතුමා යන සිවිල් ක්‍රියාකාරීන් 06 දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
ඒ ජූනි 09වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පවත්වා පොදු දේපළවලට හානි කිරීමේ චෝදනා මතයි.
කොටුව පොලිසිය කළ ඉල්ලීමක් සැළකිල්ලට ගෙන කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නියෝගය පනවා ඇත.