මෙරටින් තවත් කොරෝනා මරණයක්

තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොණරාගල දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකි.

අදාළ පුද්ගලයා මියයනවිට 73 හැවිරිදි වියේ පසුවී ඇත.

මියයාමෙන් අනතුරුව සිදුකළ රැපිඩ් පරීක්ෂාවේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එම රෝගියා සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිට ඇති බවටද තොරතුරු වාර්තා වී ඇත.

මේ අතර ඊයේ තහවුරු කළ කොවිඩ් ආසාදිත මරණ 02ක් රජය අද නිවේදනය කර ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published.