ශ්රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්යුත් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම අද සිදුකෙරුණි.
මෙම මෝටර් රථය ‘Ideal Moksha’ ලෙස නම්කර තිබේ.
ලෝකය පුරා ඉහළ ජනප්රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථය ආභාෂයෙන් මෙම නව Ideal Moksha රථය නිපදවා ඇත.
විශේලේෂකයින් පවසන්නේ වර්තමානයේ පවතින ප්රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින් ද මෙය හඳුන්වා දිය හැකි බවය.
උසස්ම තාක්ෂණය සහ නිර්මාණ සංකල්ප භාවිතය සමඟින් වඩාත් තෘප්තිමත් රිය පැදවීමේ අත්දැකීමක් ලබාදෙන නිසාම මෙම රථයට ‘Moksha’ යන නම යොදා ඇති බව සඳහන් වෙයි.
Ideal Moksha රථය ශ්රී ලංකාවේ මාර්ගවලටත් හොඳින්ම ගැළපෙන අයුරින් නිෂ්පාදනය කර ඇති අතර පෙනුම, ඉඩකඩ, සුවපහසුව සහ සම්බන්ධතාව අතින් ද මෝටර් රථය කැපී පෙනෙයි.