ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ප්රතිපත්ති ප්රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු සාම්ප්රදායික තේ පැන් සංග්රහය පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ සාමාජිකයන් මෙන්ම සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්රීවරුන් ද ඉතා උනන්දුවෙන් ජනාධිපතිවරයා අසලට ගොස් කතාබහ කරමින් සිටින අයුරු දැකගත හැකි විය.ජනාධිපතිවරයා ඉතා සුහදව ඔවුන් සමඟ අදහස් හුවමාරු කරගත්තේය.
