කාන්තාවන්ට ද රාත්‍රියේ සේවයේ නියුක්ත විය හැකි ලෙස සාප්පු හා කාර්යාල සේවකයන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. දැනුම් ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, ව්‍යාපාර ක්‍රියාවලිය බාහිරින් සපයා ගැනීමේ ආයතන, වෙනත් රටවල පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගිණුම්, පරිපාලනය හා තාක්ෂණික කටයුතු පදනම් කරගත් ව්‍යාපාර ආයතන රාශියක් ප්‍රධාන නගර ආශ්‍රිතව බිහිව ඇත. එම ආයතනවල ස්වභාවය මත වෙනත් රටවල කාලවේලාවන් අනුව මෙරට සේවක සේවිකාවන්ට කටයුතු කිරීමට සිදු වෙයි.
2022-08-10