වී සඳහා හෙට සිට වැඩි මිලක්

හෙට (17) සිට නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරී සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිලදී ගන්නා බව  කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය මගින් වී අස්වනු මිලදීගැනීම සඳහා පත්කළ අනුකමිටුවේ උපදෙස් මත හෙට (17) දින සිටම වී මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍යවරයා අද (16) දින ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.