ජූලි මාසයේදී උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව  2022 ජූලි මාසය සඳහා ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය (Headline Inflation) 66.7% ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සදහන් කරයි.  

2022 ජූනි මාසයේ ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 58.9%ක් ලෙස වාර්තා වී තිබුනි. 

එසේම ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022  ජූලි මාසයේදී 82.5% කි. 

ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 2022 ජූලි මාසයේදී 52.4% දක්වා ඉහල ගොස් ඇති අතර 2022 ජූනි මාසයේදී  එය 43.6% ලෙස වාර්තා විය.

පසුගිය මාසය හා සංසන්දනය කලවිට, 2022 ජූලි මාසයේ ආහාර කාණ්ඩය යටතේ ඇති කිරිපිටි, සහල්, අළුත් මාළු, බිස්කට් වර්ග, කුකුළුමස්, කරවල, පාන්, සීනි, මිරිස් කුඩු, පළතුරු, අර්තාපල්, ළදරු කිරිපිටි, ටින්මාළු, වියළි මිරිස්, හරක්මස්, අමුමිරිස්, තුනපහ කුඩු, බනිස් සහ බිත්තර ආදී  ආහාර ද්‍රව්‍යවල මිල වැඩිවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වූ අතර  එළවළු, පොල්තෙල්, පොල්, ලොකුළුෑණු, රතුළුෑණු සහ දෙහි මිලෙහි අඩුවීමක් වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.