ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් තිදෙනෙකු මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. කොටවිල පොලිස් වසමේ බණ්ඩරමුල්ල ප්‍රදේශයේදී ඊයේ (23) මාතර සිට වැලිගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ කාර් රථයක් පසුකර යාමේදී එම කාර් රථයේ ගැටී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියකContinue Reading

ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අනතුරට ලක්වන අවස්ථාවේදී අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් පැවතියේය. අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස්Continue Reading

නත්තල් උත්සවය ,පාසල් නිවාඩුව සහ වසර අවසානයේ පවතින දීර්ඝ නිවාඩුව හේතුවෙන් අමතර දුම්රිය සේවාවක් එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. එහිදී අද (24) ප.ව. 03.00ට මරදාන සිට මාතර දක්වා විශේෂ ශිඝ්‍රගාමී දුම්රියක් ධාවනයට සැලසුම් කර ඇත.  එම විශේෂ දුම්රිය මෙම මස (29) දින මාතර දුම්රිය ස්ථානයෙන් පෙ.ව.05.00ට කොළඹ කොටුව දක්වා පිටත්වීContinue Reading

ජාතික ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා සමග ඇති වූ පහරදීමේ සිද්ධියට අදාළ චෝදනා එල්ල වූ සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ. එම සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අවසන්වනතුරු මෙම සේවය අත්හිටුවීම සිදුකර ඇති බව සඳහන් වේ.Continue Reading

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත. නිලධාරීන් භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බවත් නාවිකContinue Reading

මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා සහ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (23) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. මෙම සාකච්ඡාවේදී දුම්රිය මාර්ග, පාලම් නැවත ගොඩනැගීම සහ රටේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම ඇතුළුව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඇති සූදානම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාContinue Reading

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතර දුම්රිය පිලී පැනීමක් සිදුව තිබෙනවා. කොළඹ කොටුව සිට පෙරවරු 09.30ට මිරීගම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.Continue Reading

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (23) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,485  දක්වා ඉහළ ‍ගොස් ඇත. මෙරට රත්‍රං මිල ඊයේ (22) දිනයට සාපේක්ෂව රුපියල් 7,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇත. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදියContinue Reading

ශ්‍රී ලංකා – ඉන්දියා කාන්තා දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද පැවැත්වේ. තරගය ඉන්දියාවේ විෂාකාපට්නම් හිදී රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිත බව සඳහන් වෙයි. දෙරට අතර පසුගිය (21) පැවැති පළමු විස්සයි20 තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම ජයContinue Reading

2025 වසර සඳහා රජය විසින් ලබාදුන් රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය සපුරාලීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වන බවයි. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ එය තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක්Continue Reading