ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරියෙකු රෝහල්ගත කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ 1990 ගිලංරථ සේවය මගින් එම කාන්තාව රෝහල වෙත රැගෙනගිය බවය. රෝහල්ගතකළ මෙම නිලධාරිනිය ඇතුළු සිව්දෙනෙකු ඊයේ සිට මෙලෙස මාරාන්තික උපවාසයේ නිරතවෙයි. ඒ වසර 7ක් පුරා පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් වහාම ගුරුසේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලමින්ය.Continue Reading

ගත වූ මාස 08කට ආසන්න කාලය තුළ ස්ථිර විගණකාධිපතිවරයෙකු පත් කිරීමට නොහැකි වීම මෙන්ම වැඩ බලන විගණකාධිපතිවරයාගේ කාලය අවසන් වීමෙන් පසු මේ දක්වා විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම හේතුවෙන් විවිධ පාර්ශ්ව රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ මත භේදයන් ඇති කිරීමට උත්සහ දරමින් ඇති බව ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙතContinue Reading

මාරාන්තික නිපා වෛරසය ඉන්දියාවේ පැතිර ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි. නිපා වෛරසය ඉන්දියාවේ පැතිරීම හේතුවෙන් ආසියානු ගුවන්තොටුපල පරීක්ෂාවන් සිදු කිරීම ආරම්භ කර ඇති බව ද සඳහන් වෙයි. මේ අතර, බටහිර බෙංගාලයේ සෞඛ්‍ය සේවකයින් පස් දෙනෙකුට මෙම මස මුලදී වෛරසය ආසාදනය වී ඇති අතර, ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවContinue Reading

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබාගත් අතර දෙවන තරගය එංගලන්තContinue Reading

පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබේ. නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ප්‍රකාශයක්Continue Reading

මෙම වසරේ ජනවාරි 01 වනදා සිට 25 වනදා දක්වා ගතවූ කාලය තුළ රිය අනතුරු 1,375ක් සිදුව ඇති බව පොලීසිය පවසයි. ඒ අතර, මාරක රිය අනතුරු 147ක් සිදුව ඉන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව, නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි.Continue Reading

යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවැත්වෙන තරගයෙන් ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිළට ලකුණු 194ක ඉලක්කයක් හිමිව තිබේ. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 49.5ක් තුළ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 193කි.  එහිදී ඔස්මන් සදාට් ලකුණු 61ක් සහContinue Reading

පවතින් ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු නොකලහොත්, නීත්‍යානුකූලව හිමි වී ඇති වෘත්තීය අයිතීන් අනුව වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය අනතුරු අඟවයි. මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව තුළ දිගින් දිගටම පවතින පරිපාලන අකාර්යක්ෂමතාවයන් හේතුවෙන් මගී ජනතාවට මෙන්ම දුම්රිය සේවකයින්ටත් දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුව ඇති බව මාධ්‍ය නිවේදනය නිකුත් කරමින්Continue Reading

පාස්කු ඉරු දින, ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන නඩුව මාර්තු 23 වනදා කැඳවනContinue Reading

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය පූර්ණ සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ, 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක නොකිරීම නිසා දුදරුවන් විශාල පිරිසක් අසරණවී ඇති බවය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවැතීමේ වගකීම විපක්ෂය පිට පැටවීමට රජය උත්සාහ කළ ද එම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම නැවැත්වූයේContinue Reading