අද (24) බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. උතුරු සහ උතුරු මැද  පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌවContinue Reading

ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ ඉදිරියේදි නිකුත් කිරීමට නියමිතය. 2026 වර්ෂයේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට රජය මේ වනවිට අවශ්‍යContinue Reading

ජාතික කෘෂිකාර්මික පර්යේෂණ විශිෂ්ටතා සම්මාන උලෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (23) පස්වරුවේ පැවැත්විණි.  පර්යේෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය අත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික පර්යේෂකයින් දිරිමත් කිරීම සහ පෙළඹවීම, ඔවුන්ගේ වෘත්තීය අපේක්ෂා වැඩිදියුණු කිරීමට සහාය වීම සහ ජාතික කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දක්වන ලදContinue Reading

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ සමාලෝචන සාකච්ඡාවක් අද (23) පැවැත්විණි. ඒ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ සහ ආරක්ෂක ලේකම් එයාර්වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තගේ ප්‍රධානත්වයෙනි. ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව විවෘත කරන ප්‍රධාන ගුවන් දොරටුව වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සමස්ථ ආරක්ෂාව ශක්තිමත් කිරීමේContinue Reading

ලෝකයේ මදුරුවන් නොමැති රටක් ලෙසින් හඳුනාගෙන තිබූ අයිස්ලන්තයෙන් පළමුවරට මදුරුවන් සොයාගෙන තිබේ.  මෙවර වසන්ත සමයේ දී එරට උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යෑම මදුරුවන් බෝවීමට හේතුවක් වී ඇති බව සඳහන්. කෘමි සතුන් සම්බන්ධයෙන් උනන්දුවක් එරට වැසියෙකු සලබයන් නිරීක්ෂණය කරමින් සිටියදී මෙලෙස මදුරුවන්ට සොයාගැනීමට හැකිව තිබේ. අයිස්ලන්තයෙන් මදුරුවන් සොයාගැනීමට පෙර එරට හාContinue Reading

2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙරපාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවට මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළද එය 2027 වසර ලෙස නිවැරදි විය යුතු බවට නිවේදනය කර තිබේ. ඒ අනුව නිවැරදි කරන ලද නිවේදනය පහතින් දැක්වේ. – උපුටාගැනීම –  අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍යContinue Reading

මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග හටගත් ගංවතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 78 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව එරට බලධාරීන් සඳහන් කළේය. අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත 5කට බලපෑම් එල්ල වූ අතර පුද්ගලයින් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරContinue Reading

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක ඉලක්ක කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව සම්බාධක ප්‍රකාශයට පත්කර තිබේ. යුක්‍රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මොස්කව් වෙත බලපෑම් කිරීමේ අරමුණිනේ මෙම සම්බාධක පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කරගනිමින්Continue Reading

වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ දේහය මේ වනවිට මිදිගම පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ. ඊයේ (22) රාත්‍රීයේ ඒ මහතාගේ දේහය නිවසට රැගෙන විත් තිබුණි. සභාපතිවරයාගේ දේහය ඉදිරියේ “අනේ මගේ රන්කඳ මාව දාලා යන්න එපා…මට දරාගන්න අමාරුයි. හිත හදාගන්න එක පාරක් මට කතා කරන්න.Continue Reading

2025 වසරේ මේ දක්වා වූ කාලය තුළ උතුරු – නැගෙනහිර හමුදා පරිහරණයේ තිබූ රජයේ ඉඩම් අක්කර 672ක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා පැවසීය. අද (23) පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳ හෙළිදරව් කරමින් පවසා සිටියේ, එම නිදහස් කළ ඉඩම් අතරට පුද්ගලික ඉඩම් අක්කරContinue Reading