පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය හමුවේ හිරු රශ්මියට නිරාවරණය වීම තුළින් බොහෝ රෝග වැලඳිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය අංශයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර මහත්මිය පැවසීය. අද (19) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව කියා සිටියේය.Continue Reading

අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ලබන අද (19) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මේ බව සඳහන් කළේය. ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,502කට රුපියල් නව බිලියන දෙසිය හතළිස් එක් මිලියන අටසිය අනූ දෙදහස් පන්සියයක මුදලක් බැංකු ගිණුම්වලට බැරකිරීමටContinue Reading

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක පස්වරු 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේContinue Reading

2026 වසර සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබාදී ඇති රුපියල් බිලියන 2,402ක බදු ආදායම් ඉලක්කයෙන් මේ වනවිට සියයට 61ක පමණ ප්‍රමාණයක් රැස් කරගෙන ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ (බදු ප්‍රතිපත්ති සහ නීති සම්පාදන) කොමසාරිස් නන්දන කුමාර මහතා පවසයි. “අද දෙරණ BIG FOCUS” වැඩසටහන එක්වෙමින් නන්දන කුමාර මහතා ඒ බව සඳහන් කළේය.Continue Reading

ජාතික උද්‍යාන ආශ්‍රිතව සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම, යටිතල පහසුකම් හා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීම, ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සේවාවන් කාර්යක්ෂම කිරීම සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග පුළුල් කිරීම පිළිබඳ විමසා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මින්නේරිය, කවුඩුල්ල, හුරුලු ජාතික උද්‍යානවලදී සිදු කෙරිණි. මෙහිදී මින්නේරිය, කවුඩුල්ල උද්‍යානවලට දිනකට ජීප්Continue Reading

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියContinue Reading

අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වුණු ‘World Ugliest Dog’ (ලොව අවලස්සනම බල්ලා) තරගයෙන් ජයග්‍රහණය කිරීමට ජිනී ලූ (Jinny Lu) නමැති අවුරුදු 6ක් වයසැති ‘පග්’ (Pug) වර්ගයේ සුනඛයා සමත්ව තිබේ. අගෝස්තු 14 වනදා පැවැති මෙම තරගයෙන් තවත් තරගකරුවන් අටදෙනෙකු පරදා ජිනී ලූ ප්‍රථම ස්ථානය දිනාගෙන තිබේ. එම සුනකයාට ඩොලර් 5,000ක ත්‍යාග මුදලක් සහContinue Reading

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විගණන කමිටුවක් පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ. නුවරඑළිය දිස්‍ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා මේ බව ප්‍රකාශ කළේය.  ඒ අනුව 2023 වසරේ සිට 2026 වසර දක්වා නුවරඑළියContinue Reading

සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්‍රදේශය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ එම දේවාලයේ පෙරහැර අද උදෑසන 6 සිට දහවල් 2 දක්වා වීථී සංචාරය කිරීමට නියමිත බවය. පෙරහැර දේවාලය අසලින් ආරම්භ වී 143 අවිස්සාවේල්ල කොළඹ බස් මාර්ගය හරහාContinue Reading

ඇල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය තවදුරටත් නංවාලීමේ අරමුණින් මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.  ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඇල්ල Waterfall Road මාර්ගය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවටContinue Reading