රට දෙකඩ කිරීමේ ඉන්දීය උත්සහය වර්තමානයේ ද නොවෙනස්ව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි. ඒ සඳහා ඉන්දීය රජය විසින් විවිධ උපාය මාර්ග දියත් කරමින් සිටින බව උන්වහන්සේ සඳහන් කළේය. කොකාවිල් ප්‍රහාරයේ 35 වන සැමරුමට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි මේ බව පැවසීය. “රට දෙකඩ කිරීමේContinue Reading

අමෙරිකා එක්සත් ජනපදය සමඟ පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස  පනවා තිබු අන්‍යෝන්‍ය තීරු බදු ප්‍රතිශතය 44%  සිට 30% දක්වා අඩු කර ගැනීමට හැකි වූ බවත්, එම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යමින් තවදුරටත් සහන ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එහිදී මෙරට ආර්ථිකයට, ව්‍යාපාරවලට, ව්‍යාපාරික ප්‍රජාවට සහ ජනContinue Reading

වව්නියාව, කූමාංකුලම් ප්‍රදේශයේදී පොලීසිය සහ ගම්වාසීන් අතර ඇතිවූ සිද්ධිය ගැන තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. එහිදී ගම්වාසීන් පිරිසක් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට පහරදී ඇති බවද වාර්තා වෙයි. ඒ අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ සිද්ධියක් මත එම පුද්ගලයා මියගිය බව පවසමිනි. පොලීසිය පවසන්නේ, බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විරෝධයContinue Reading

බලපිටිය, කොස්ගොඩ හතරමංහන්දියේ දී ඊයේ (11) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමට අදාළව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලීසියට හැකිව තිබේ. අදාළ වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ ත්‍රිරෝද රථයක් පදවාගෙන යමින් සිටි පුද්ගලයෙකුය. ඔහු ත්‍රිරෝද රථයෙන් අහුන්ගල්ලේ සිට⁣ කොස්ගොඩ දෙසට ගමන් කරමින් සිටියදී, යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙ⁣නෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි ප්‍රහාරයContinue Reading

පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන වාර්තාවකින් හෙළි වී තිබේ. ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් පිටත් වී සුළු මොහොතකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාරContinue Reading

මොරටුව දෙස සිට කොළඹ දෙසට ධාවනයවූ ලොරි රථයක් එම දෙසටම ඊට ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක් ඉස්සර කිරීමට යාමේදී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ. ඊයේ (11) පස්වරුවේ ගල්කිස්ස ප්‍රදේශයේදී මෙලෙස ලොරි රථ රියදුරා ඉස්සර කිරීමට යෑමේදී යතුරුපැදිය ලොරි රථයේ වම් පස මැද ප්‍රදේශයේ පැටලී තිබේ. එහිදී යතුරුපැදිකරු ලොරි රථයේ වම් පසContinue Reading

සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිContinue Reading

මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් පැමිණ කිඹුලාවල පාර දෙපස ඇති කඩ ඉවත්කිරීමට උත්සාහ කිරීම නිසා එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මෙම ඉදිකිරීම් නීති විරෝධී බව පවසමින් අදාළ නිලධාරීන් පිරිස මාර්ග දෙපස ඇති මෙම කඩ ඉවත්කිරීමට පියවර ගෙන තිබේ. එහිදී ඔවුන් විසින් කඩ කිහිපයක් කඩා ලොරියකට පටවා ගැනීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම්Continue Reading

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව මේ මස 28 වන දා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව විභාග කරන විනිසුරුවරයා මේවන විට නිවාඩු ලබා සිටිනContinue Reading

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය. මේ අතර 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.Continue Reading