මිනුවන්ගොඩ –  වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිනුවන්ගොඩ දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (15) රාත්‍රීයේ දීය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකාරිය මිනුවන්ගොඩ රෝහලට ඇතුළත්Continue Reading

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කටයුතු කර ඇත. අදියර 01 යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතරContinue Reading

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිරContinue Reading

සිය අමතර රාජකාරි දීමනාවට අදාළ සංශෝධන සම්බන්ධයෙන් චක්‍රලේඛ කඩිනමින් නිකුත් නොකරන්නේ නම් ලබන 30 වනදායින් පසු වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා.  කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මේ බව කියා සිටියා.Continue Reading

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා සංචිතය අද (15) පස්වරුවේ ප්‍රකාශයට පත් කළේය. නිත්‍ය නායක ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතය නම් කර ඇත. මෙහි මූලිකContinue Reading

ඊශ්‍රායලය විසින් ඉරානය වෙත එල්ල කළ ප්‍රහාරවලින් ළමුන් ඇතුළු පුද්ගලයින් 128 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයින් 900 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවය. මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳෙකු ද වන බව සඳහන්Continue Reading

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බව කියන ආයතන තුනක් ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කර තිබේ. කොළඹ වාණිජ මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්, නියෝජ්‍ය පිස්කල් විසින් සඳහන් කර ඇත්තේ ජූලි මස 2 දා උදෑසන 10ට මෙම වෙන්දේසිය සිදුකරන බවය.   පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමට අයවිය යුතු 104,229,342ක මුදලක් අයකරContinue Reading

ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටී පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ මෙම හෙලිකොප්ටරය  ඉන්දියාවේ වනාන්තරයකට කඩා වැටී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් මිය ගිය පිරිස අතරට ගුවන් නියමුවාද ඇතුළත් ව ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බවය.  උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ.Continue Reading

අස්වැසුම මුදල් වංචා කළ බව කියන කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. අස්වැසුම මුදල් වංචා කළ බවට සැක පිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිවරිය ඊයේ (13) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාරිය විසින් අස්වැසුම මුදල් රුපියල් තිස්Continue Reading