2025 IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (4) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තවත් පුද්ගලයින් 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන්Continue Reading

ඇෆ්ගනිස්තාන ජාතිකයින් ලක්ෂ 2කට අධික සංඛ්‍යාවක් පාකිස්තානයෙන් ඉවත්ව ගොස් ඇති බව ඉස්ලාමාබාද් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි. පාකිස්තාන රජය විසින් ඉකුත් අප්‍රේල් මාසයේදී ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිටුවහල් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමත් සමග මෙලෙස ඔවුන්ට පාකිස්තානය අතහැර යෑමට සිදුව ඇත. ඉස්ලාමාබාද් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශ වාර්තාවන්ට අනුව අප්‍රේල් මාසයේදී 135,000ක් හා මැයි මාසයේදී  67,000ක්Continue Reading

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන තවත් නඩුවක වැඩිදුර විභාගය ජූලි මස 07 වනදා දක්වාContinue Reading

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 2017 – 2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත හල්ලොලුව මහතා කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ජුනි මස 06 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.Continue Reading

නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිදේශබන්දු තෙන්නකොන් මහතාගේ පාර්ශ්වය වෙත ලබා දීම සිදුකර තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් ක‍ළේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු පරීක්ෂණContinue Reading

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹContinue Reading

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය දරාගත නොහැකිව වැවකට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබුණි. ප්‍රදේශවාසීන් විසින් අදාළ සිසුවිය බේරාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු හා සිසුවියක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය පැවසීය. කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නවක සිසුවියක් ඒ අසල වූ වැවකට පැනීමේ සිදුවීම වාර්තා වුණේContinue Reading

සැමියා විසින් සිය ගැබිනි බිරිඳගේ හිස කඳින් වෙන්කොට හිස කොටසද රැගෙන පොලීසියට පැමිණි පුවතක් වාර්තා වෙයි. වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයේදී අද (03) උදෑසන මෙම අපරාධය සිදුකර ඇති අතර සැකකාර සැමියා ඝාතනය සඳහා යොදාගත් පිහිය සහ හිස කොටස රැගෙන පුලියන්කුලම පොලීසියට පැමිණ භාරවී ඇත.  වහාම ක්‍රියාත්මක වූ පොලීසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇතිContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇති වුණි. ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත්Continue Reading