පසුගිය වසරේ මෙරටින් ක්ෂය රෝගීන් 9200ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කළේ පිරිමි රෝගීන් 5291ක් සහ කාන්තා රෝගීන් 3259ක් වාර්තා වූ බවයි. එමෙන්ම ළමා රෝගීන්ද 250ක්ද සොයාගෙන තිබෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශවලින් වැඩිම ක්ෂය රෝගීන් පිරිසක් වාර්තා වූ බවයි.Continue Reading

මාතලේ පොලිස් වසමේ, සුදු ගඟ රක්ෂිතයේ ගමන් මල්ලක දමා සඟවා තිබූ ටී 56 වර්ගයේ ගිනිඅවියක් සහ පතොරම් ගැබ් 02ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඊයේ (29) සවස් කාලයේ මෙම ගිනිඅවිය සහ පතොරම් ගැබ් 02ක සොයාගෙන තිබුණේ  මාතලේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි මෙහෙයුමකදීය. අදාළ ටී 56 ගිනිඅවියContinue Reading

වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් අයෙකු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ. ඒ අනුව අත්අඩංගුවට ගත් එම තැනැත්තා රුපියල් ලක්ෂ 10 ක් වූ ශරීර ඇප ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබේ. එමෙන්ම සිද්ධියට සහාය දුන් බවටContinue Reading

මගීන්ගෙන් පවතින ඉල්ලුම හේතුවෙන් “කැලිප්සෝ දුම්රිය” නානුඔය දක්වා ධාවනය කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මීට පෙර බදුල්ල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා දෛනිකව කැලිප්සෝ දුම්රිය ධාවනයට කටයුතු කර තිබුණි. ඒ අනුව අප්‍රේල් මස 8 වනදා සිට සෑම අඟහරුවාදා දිනකම බදුල්ල සිට නානාඔය දක්වා දුම්රිය ධාවන කිරීමට තටයුතුContinue Reading

දෙවුන්දර දී වෙඩිතබා ඝාතනය කරන ලද තරුණයින් දෙදෙනාගෙන් පසිඳු තාරකගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29) සිදුකිරීමට නියමිතව තිබේ. පසිඳු තාරක ඝාතනයට ලක්වන අවස්ථාවේදී ඔහුගේ පියා ධීවර රැකියාව සඳහා මුහුදු ගොස් තිබූ අතර, පියා යළි ගොඩබිමට පැමිණෙන තෙක් පසිඳුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීම පමා කිරීමට ඥාතීන් තීරණය කර තිබුණි.Continue Reading

එලොන් මස්ක් විසින් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන ‘X’, ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා ඇත. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර ඇත. ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45ක්  X මිලදී ගැනීම සඳහා ගෙවනු ලබයි. කෙසේ නමුත් මෙම ගනුදෙනුවේContinue Reading

මධ්‍යම මියන්මාරයේ ඊයේ (28) ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් එරට මියගිය සංඛ්‍යාව 694ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ පුද්ගලයින් 1,670ක් පමණ තුවාල ලබා ඇති බවය. එරට හමුදා පාලනය මේ බව තහවුරු කර තිබේ. මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරටContinue Reading

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ මාර්තු මාසයේ උද්ධමනය සියයට ඍණ 2.6 ක් දක්වා වැඩි වී ඇත. 2025 පෙබරවාරි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට ඍණ 4.2 ක් විය. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් අද (28) සවස මෙම නවතම උද්ධමන අගයන් ප්‍රකාශ කර ඇත. 2025Continue Reading

රුපියල් මිලියන අටකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ විස්සයි ග්‍රෑම් එකසිය පනහක තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවකු (26) ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර තිබේ. ඒ අනුව,Continue Reading

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන “කප්රුකට සවියක් – වැඩි ඵලදාවක්” යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීමේ සමාරම්භය මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. රුසියාවේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු MOP පොහොර මෙට්‍රික් ටොන් 27,500ක් හා එප්පාවල රොක් පොස්පේට්, යූරියා මිශ්‍ර කරContinue Reading