මාතර තිහගොඩ ප්‍රදේශයේ හෝටලයකට පැමිණි තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් එහි හිමිකරු සහ ඔහුගේ මවට පදනම් විරහිත චෝදනා සිදුකර අත්අඩංගුවට ගත් බව හෝටලයේ හිමිකරු පවසයි. මාතර තිහගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම හෝටලයට ඉකුත් පළමු වනදා තිහගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පැමිණ තිබුණි. ඒ හෝටලය තුළ නීතිවිරෝධීව මත්පැන් ජාවාරමක් සිදුකළ බවට චෝදනාContinue Reading

දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවය. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.Continue Reading

මෙම නඩු විභාගය සැලකෙන්නේ වියට්නාමයේ වැඩිම අවධානයක් දිනාගත් නඩුවක් ලෙසට ය.  ඒ මෙහෙත්ක් ලොව සිදුකළ විශාලතම බැංකු වංචාවක් හා සම්බන්ධ නඩු විභාගයකි. වියට්නාමය කොමියුනිස්ට් පාලනයක් යටතේ පවතියි. එබැවින් එහි දැඩි නීති ක්‍රියාත්මක වෙයි. කොමියුනිස්ට් රාජ්‍යයක් වුවද එරට වංචාව දූෂණය සමාජය වෙළාගෙන ඇති පිළිලයක් බව ජනතාව චෝදනා කරති. එබැවින් මෙම බැංකුContinue Reading

මවට හොරෙන් රැගෙන ගිය පාපැදිය පදිමින් සිටි 9 හැවිරිදි දරුවෙක් මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලීසිය පවසයි. අනතුරින් මියගොස් ඇත්තේ, මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ, පදිංචිව සිටි මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි එම්. ආර්. රන්තරු නමැති දරුවාය. මියගිය දරුවාContinue Reading

කනංකේ දොලේලියද්ද ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ලොරි රථයකට පොලීසිය වෙඩිතබා තිබේ. පොලීසිය පැවසුවේ, ගවයින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට මෙලෙස වෙඩි තබා ඇති බවය. අද (11) අලුයම 4.30ට පමණ කනංකේ රජමහා විහාරය අසල ප්‍රදේශයේදී ගවයෙක් ලොරි රථයකට පටවනු නිරීක්ෂණය කළ රාත්‍රී ජංගම සංචාරයේ නිරත වූ පොලිස් නිලධාරීන් පිරිසක් දොලේලියද්දContinue Reading

රුපියල් කෝටි 06 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මාළිගාවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. මාළිගාවත්ත පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය ග්‍රෑන්ඩ්පාස් වෙත රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. එහිදි සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රැම් 105ක තොගයක්Continue Reading

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් ගතවීම සම්බන්ධයෙන් සැකයක් පවතින බව සමගි ජන බලවේගය පක්ෂයේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා පවසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර ඇති තත්ත්වයක් තුළ ඔහු මෙලෙස විදෙස් ගත වීම ගැටලුවක් බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා කාවින්ද ජයවර්ධනContinue Reading

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම  ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය.  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.  චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුවContinue Reading

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දැනට ඩුබායි රාජ්‍යට පලා ගොස් සඟව  සිටින වැල්ලේ සාරංග යන අයගේ ගෝලයෙක් හොරායින්, කඩු දෙකක් හා මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සමග අත් අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. යුක්තිය මෙහෙයුම යටතේ  මට්ටක්කුලිය පොලිසියට අනුයුක්ත  බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත්Continue Reading