එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය 2024  ඔක්තෝබර් මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිත බව ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය නිවේදනය කරයි. එබැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් නිකුත් කරනු ලබන පිටවීමේ සහතිකය ලබාදීම සඳහා කාලයක් ගතවන බැවින් වලංගු ගුවන් ගමන්Continue Reading

පිරිසක් විසින් ජීප් රථයකින් පැහැරගෙන යමින් සිටි සිය පුත්‍රයාව බේරාගැනීමට උත්සාහ කළ පියෙකු එම ජීප් රථයට යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් ඇහැළියගොඩ, පරකඩුව ප්‍රදේශයෙන් වාර්තා විය. පුත්‍රයාට ද අදාළ පිරිස විසින් ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකර තිබූ අතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පියාගේ දේහය දැකගැනීමට පුත්‍රයා අද (22) නිවසට පැමිණියේය. ඇහැළියගොඩ, පරකඩුවContinue Reading

අද (22) දහවල් පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර තිබේ. අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දෙව්රුම් පිටිය වංගුව අසල මෙම අනතුර සිදුවී ඇත. තුවාලකරුවන් අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.   තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වෙයි. කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැවContinue Reading

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති විශ්‍රාමික විනිසුරු ඒ. එම්. ජේ ද අල්විස් වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසති. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තාවක අඩංගු කරුණු ප්‍රසිද්ධ කිරීමට ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ හෙළිදරව්වකට ප්‍රතිචාර දක්වමින් ගරුContinue Reading

පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හෙට (23) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අද (22) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරනContinue Reading

මාතර කැකනදුර ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 15 වෙනිදා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතබා පළාගොස් තිබුණි. වෙඩිතැබීමෙන් මියගොස් තිබුණේ, සීසර්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.Continue Reading

මේ වන විට ශ්‍රී ලංකාව තුළ අකාර්යක්ෂමතාවයේ පවතින සියලු රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණයට ලක්කිරීම, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ජාතික ජන බලවේගය (20) හෝමාගමදී පැවැත් වූ ජන රැලියකට එක්වෙමිනි. එහි දී ඔහු පවසා සිටියේ මේ වන විට විදෙස්Continue Reading

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණවල විභාගවන නඩුවල ප්‍රධාන සාක්ෂිකරුවන් වී සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ විශ්වසනීයත්වය බිඳහෙළීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා උත්සාහ දරන බව ජාතික ජන බලවේගය පවසයි. පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා ප්‍රසිද්ධ කිරීම වෙනුවෙන් ඊයේ (21) පෙරවරුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා සිදුකළ හෙළිදරව්වටContinue Reading

බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (22) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේContinue Reading

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් අතුරින් අයදුම්පත් 21,160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක මහතා සඳහන් කළේ තැපැල් ඡන්ද අයදුම්පත් 759,210ක් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී තිබූ බවය. තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කටයුතු මේ වනවිට අවසන් වී තිබේ. මහ මැතිවරණයටContinue Reading