රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. අදාළ රථවාහන නිලධාරියා රියදුරන්ට මනාව දර්ශනය වන ලෙස ආලෝකය පරාවර්තනය වන ලුමිනස් ජැකට් හා ලුමිනස් අත්වැසුම් පැළඳ සිටිය යුතු අතර, රථවාහන නැවැත්වීම සඳහා මේ වනContinue Reading

හික්කඩුව, දොඩන්දූව ප්‍රදේශයේ දී මුහුදේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 57ක් වන ඉන්දීය ජාතිකයෙකි. පොලීසිය පැවසුවේ ඊයේ (25) සවස මෙම පුද්ගලයා සිය දියණිය, පුතා සහ තවත් පුද්ගලයෙකු සමග මුහුදේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවය. එම අවස්ථාවේ දී ප්‍රදේශවාසීන් විසින්Continue Reading

තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ සිරුරක් පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ තිබී සොයාගෙන ඇත. පානදුර උතුර පොලීසියට ලද තොරතුරක් අනුව සිරුර සොයාගෙන තිබේ. මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පපුව ප්‍රදේශයට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ද ලැබී ඇත. ඝාතනයට ලක්වූ පුද්ගලයාContinue Reading

කුකුල් මස් කිලෝවක් අල්ලස් වශයෙන් ලබාගත් ආදායම් නිලධාරියෙක් සහ ක්ෂේත්‍ර කම්කරුවෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කොස්ගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසික් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ය. පැමිණිලිකරුට අයත් වෙළෙඳසැලේ ලබන වර්ෂයට අදාළ වෙළෙඳ බලපත්‍රය ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා මෙම සැකකරුවන් අල්ලස් ලෙසContinue Reading

පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබේ. තලෙයිබාන් සංවිධානය විසින් මේ බව නිවේදනය කර ඇත. ඔවුන් පවසා ඇත්තේ මියගොස් සිටින පිරිස අතරින් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් බවය. තලෙයිබාන් ත්‍රස්තයින් සැඟවී සිටින බවට සැක කෙරෙන ස්ථාන වෙත පාකිස්තානය මෙලෙස ගුවන් ප්‍රහාර එල්ලකර තිබුණි.Continue Reading

ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථවාහන මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ 251 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මේ අනුව මෙම විශේෂ රථවාහන මෙහෙයුම යටතේ බීමතින් රිය ධාවනය කළ පුද්ගලයන් ඇතුළුව සමස්ත රියදුරන් 8,747කට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ. උත්සව සමයේ රියContinue Reading

පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි. කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇත‍. කෙසේ නමුත් මෙම අනතුරෙන් 25 දෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර, ඉන් 22ක් රෝහල් ගතකර ඇති බව කසකස්තානය රජය පවසයි. ගුවන් යානය කඩාවැටීමත් සමගContinue Reading

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ඔවුන් අවධාරණය කරනුයේ 2025 වසරේ දී ලෝකයේ මිලියන 307කට මානුෂීය ආධාර අවශ්‍ය වන අතර ආධාර රැස්කර ගත හැක්කේ ඉන් සියයට 60ක් සඳහා පමණක් බවය. ඒ අනුව 2025Continue Reading

ඉන්දු – පාකිස්තාන අර්බුදය හේතුවෙන් මතභේදයට තුඩුදී තිබූ ICC ශූරයන්ගේ කුසලානයේ සියලු ගැටලු  අවසන් කරමින් තරගාවලියේ නිල තරග කාලසටහන ඊයේ (24) ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව පාකිස්තානයේ සත්කාරක අයිතිය යටතේ පැවැත්වෙන මෙවර තරගාවලිය පෙබරවාරි 19වනදා ආරම්භකර මාර්තු 9 වනදා අවසන් කිරීමට නියමිතව ඇත. කෙසේ නමුත් ඉන්දියාව පාකිස්තානයට යෑම ප්‍රතික්ෂේප කිරීමContinue Reading

මාලිගාකන්ද අධිකරණය අසලදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතරවාරයේදීය. එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත අපරාධය සිදුකළ වෙඩික්කරු ගිනි අවියද සමග සැඟවContinue Reading