අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නැමාත්තාගේ වෙඩික්කරු ලෙස කටයුතු කළ බව කියන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමති පුද්ගලයා කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ  ඔහු මැලේසියාවේ රැඳීසිටියදී  එරට ආරක්ෂක අංශ මගින්  අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රී කටුනායකContinue Reading

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (25) අමෙරිකානු ඩොලර් 70 සීමාවට ආසන්න අගයක් ගෙන ඇති බව විදෙස් වර්තා පවසයි. ඒ අනුව WTI ඉන්ධන බැරලයක මිල අද දැක්වුණේ අමෙරිකානු ඩොලර් 70.05ක අගයක් ලෙසය. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 73.32 ලෙසය. මේ අතර මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර්Continue Reading

ආර්ජන්ටිනා ක්‍රීඩක ලියොනල් මෙසී ජාත්‍යන්තර පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස්කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්ව තිබේ. මෙවර පාපන්දු කුසලාන තරගාවලියේ ‘J’ කාණ්ඩය යටතේ අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී ආර්ජන්ටිනාව සහ ඔස්ට්‍රියාව අතර ඊයේ (22) පැවති තරගයේදී මෙසී මෙම ඓතිහාසික කඩඉම පසු කර ගියේය. තරගාවලියේ ආර්ජන්ටිනාව ක්‍රීඩා කළ පළමු තරගයේදීContinue Reading

දිවයින පුරා රෝහල්වල 23,000 පමණ හෙද හිඟයක් පැවතීම හේතුවෙන් හෙද කාර්යමණ්ඩලය දැඩි පීඩනයන්ට ලක්වන බව ඒකාබද්ධ හෙද සේවා සංගමය පවසයි. එහි සභාපති පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමි පෙන්වා දෙන්නේ හෙද හිඟය අවම කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ද සාධනීය පියවරක් ගැනීමට අසමත් වී ඇති බවය. හෙද සේවය මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කොළඹ පැවතිContinue Reading

මහියංගනය, මාපාකඩ මාර්ගයේ දියබාන ප්‍රදේශයේදී මාපාකඩ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් රියැදුරුට පාලනයකරගත නොහැකිව වියානා ඇලට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇත. අනතුරින් ට්‍රැක්ටර් රථ රියැදුරු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ පුද්ගලයා සොයා මේ වන ටිට සෝදිසි මෙහෙයුම්Continue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු,Continue Reading

සෑම වසරකම සිදුවන වාර්ෂික බස්ගාස්තු සංශෝධනය මෙවර ජූලි 03වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඒ මහතා පැවසුවේ සෑම වසරකම ජූලි 01 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත බස් ගාස්තු සංශෝධන වර්තමානයේ සිදුවන මාසික ඉන්ධන සංශෝධනය පිළිබඳව අවධානය යොමු කරමින් ජූලිContinue Reading

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් දරුවෙකු ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම මියගිය පිරිස අතර අල්ජසීරා කැමරාශිල්පියෙකු ද වන බවය. කෙසේවෙතත් ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන්නේ මෙම කැමරා ශිල්පියා ස්නයිපර් ක්‍රියාකරුවෙකු ලෙස ක්‍රියාකළ ත්‍රස්තවාදියෙකු බවය. මේ අතර පසුගිය ඔස්තෝබර් මාසයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරContinue Reading

ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය අද (21) යෙදී තිබේ. සෑම වසරකම ජූනි මස තුන්වන ඉරිදා දින ලොව පුරාම Father’s Day සමරනු ලබයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොතිබුණද, ලෝකයේ බොහෝ රටවල් මෙම දිනය පියවරුන්ට ගෞරව දක්වමින් විශේෂ උත්සව ලෙස සමරති. පියවරුන්ගේ දිනයේ ආරම්භය 1910 වසරContinue Reading

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය බලප්‍රදේශ රැසක ජනතාවට ඉඩම් බලපත්‍ර 10,731ක් ප්‍රදානය කිරීම ඊයේ (19) දින සිදු විය.  ඒ, ඌව පළාත් ඉඩම් බලපත්‍ර 10,000 වැඩසටහනට සමගාමීවය.  මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ, ඌව පළාතේ දීර්ඝ කාලයක සිට ඉඩම් බලපත්‍ර නොමැතිව ඉඩම් භුක්ති විඳිමින් සිටි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ අරමුණින්ය.  කෘෂිකර්ම, පශු සම්පත්,Continue Reading