කැනඩාව සහ ඇමරිකාවේ සිට මෙරට එවූ රුපියල් කෝටි 19 කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සීදුව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයකින් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඊයේ (28) පැවසීය. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් එම කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක  තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගුContinue Reading

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනෙකු ජුලි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනගාරගතකර තිබේ. සැකකරුවන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. එම සිද්ධියේ සැකකාරියක් වන වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරිනියක්ව ඇප  මත මුදාහැර තිබේ.Continue Reading

කොළඹ ලෝටස් මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ ලංකා බැංකු සේවක සංගමය සංවිධානය කර තිබෙන විරෝධතා පාගමනක් හේතුවෙන් එම මාර්ගය අවහිරවීම හේතුවෙනි.Continue Reading

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ. දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පැවසුවේ ඉන් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බවයි. සිකුරාදා උදෑසන ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් කඩා වැටුණි. ඉන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සිContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණ විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමිනි.  කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණිContinue Reading

මේ වනවිට මෙරට ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ සමස්ථ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගාවොට් 1000 ඉක්මවීමට හැකිවී ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. වහළය මත සූර්ය පැනල මගින් මෙගාවොට් 944ක් සහ බිම්ගත සූර්ය පැනල මගින් මෙගාවොට් 156ක් ජාතික පද්ධතියට එකතු කර ඇති බව එම අමාත්‍යංශය පෙන්වා දෙයි. මෙම වර්ෂය අවසන් වනවිටContinue Reading

මගෙන් රටට ව්‍යාපාරයේ සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන තිබේ. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. ජ්‍යේෂඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංජය මහවත්ත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.Continue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මධ්‍යමContinue Reading

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇති බව දුම්රිය සේවය පවසයි. මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ සිදුවූ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවී තිබෙන බව සඳහන් ය.Continue Reading

ණය ප්‍රතිව්‍යූහගත කිරීම අවසන් කිරීමට අවශ්‍ය ප්‍රධාන අදියර තුනෙන් අදියර 2ක් මේ වනවිට අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ ඉතිරිව ඇති අනෙක් අදියර වන පෞද්ගලික බැඳුම්කරහිමියන් සමග එකඟතාවයකට පැමිණීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය තුළින් ණයContinue Reading