ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහContinue Reading

චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරිනියන් 111 ක් අභිබවා යමිනි. මෙවර ලෝක රූ රුජින ජාත්‍යන්තර තරගාවලිය අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වූයේ ඉන්දියාවේ මුම්බායි වෙළෙඳ අගනගරය කේන්ද්‍රකොට ගනිමිනි. 23 හැවිරිදි ක්‍රිස්ට්යානා සිස්කෝවා නිරූපිකාවකි. ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනමContinue Reading

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ අදහසවී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට බව වාර්තා වෙයි. ඒ බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව අද (09) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයාContinue Reading

තේ ඉඩමක තිබී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවී තිබේ. ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ  පිහිටි තේ ඉඩමකදී සිරුර සොයාගෙන ඇත. මියගිය සිසුවිය හංසිකා නදීෂානි නමැති තල්ගහවත්ත, මණ්ඩකන්ද, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ (08) දින කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්‍රදේශයේදී ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවContinue Reading

අද (09) අළුයම රඹෑව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 16, 19 සහ 21 යන වයස්වල පසුවූ තරුණයින් තිදෙනෙකු බව පොලීසිය පවසයි. ඔවුන් තිදෙනා පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී තිබේ. අනතුරට ලක් වූ ගැහැණු ළමුන් දෙදෙනා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. අද අළුයම රඹෑව දෙස සිට අනුරාධපුරයContinue Reading

ගාසා තීරයට ගුවනින් හෙළන ලද ආධාර පැකේජයකට යටවීමෙන්  පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ආධාර රැගත් පැරෂුටයක් ක්‍රියාවිරහිත වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. එක්සත් ජනපදය, ජෝර්දානය, ඊජිප්තුව, ප්‍රංශය, නෙදර්ලන්තය සහ බෙල්ජියම පසුගිය දිනවල ගාසා තීරයට ගුවන් මඟින් ආධාර ලබා දීමට පියවර ගෙන තිබුණි. අමෙරිකාව සහ ජෝර්දානContinue Reading

කැනඩාවේ ඔටාවා අගනුවර දී ඝාතනයට ලක්වූ සිව්දරු මව මෙරට පොල්ගහවෙල පදිංචිකාරියකි. 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායකගේ මව හැඬු කඳුළින් අද දෙරණට මෙලෙස පැවසීය. “මට දැනුණා මොනවා හරි වෙයි කියලා. මට නිකන් මිනී පෙට්ටි වගයක් පෙණුනා. ලොකු කරදරයක් ද දන්නේ නෑ කියලා මම හිතුවා. යන තැනකට දෙයක් කරගන්නවා අම්මා කියනවා… හැමවෙලාවේම හිතන්නේContinue Reading

රන් මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ඩොලර් 2,170යි ශත 99ක් වාර්තා වී ඇත.Continue Reading

ගාලු පාර, වැල්ලවත්ත, දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ. ඒ අනුව ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරන රියදුරන් ලිලී ඇවනිව් අතුරු මාර්ගයෙන් මුහුදුබඩ මාර්ගයට ඇතුළු වී කොළඹ දෙසට ධාවනය කළ යුතු බව ද වාර්තා වේ. කොළඹContinue Reading

පොලිස් විශේෂ කාර්ය බළකාය නැගෙනහිර පළාතේ සෝදිසි මෙහෙයුම්වලට අදාළව වාලච්චේන සෙම්මන්නෝඩේ ගම්මානයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකර තිබේ. එහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ වාලච්චේන කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ. ජී. එල්. කුමාර මහතාට ලැබී තිබූ තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබේ. ඒ අනුවContinue Reading