ප්‍රමි­ති­යෙන් අඩු ඖෂධ කිසි­වක් රජයේ රෝහල් පද්ධ­තිය තුළ නොමැති බව වග­කී­මෙන් යුතුව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පති­රණ මහතා පැව­සීය. ඖෂධ සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යීය ශ්‍රව­ණා­ගා­රයේ පැවැති විශේෂ මාධ්‍ය හමු­වට සහ­භාගි වෙමින් ඇමැ­ති­ව­රයා මේ බව ඊයේ (30) පැව­සු­වේය. ඇමැ­ති­ව­රයා මෙසේද පැව­සු­වේය. ප්‍රමි­ති­යෙන් අඩු ඖෂධ ගෙන්වීම සඳහා රජ­යෙන්Continue Reading

ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ ආහාර වෙනුවෙන් මෙතෙක් ලබා දුන් ආහාර සලාක ක්‍රමවේදය ලබන ජනවාරි සිට වෙනස් කිරීමට අදහස් කර තිබෙන බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය. ඒ අනුව හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාකContinue Reading

ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ආබාධිත තත්වයට පත්වී විශ්‍රාම යැමට සුදුසුකම් සපුරා ඇති රණවිරුවන් 300 ක් 350 ත් අතර ප්‍රමාණයකගේ  විශ්‍රාමික ලිපි ගොනු ආරක්ෂක අමාත්‍යාංශය වෙත යොමු කර ඇතත්  2013 12/86 යන චක්‍රලේකනය යටතේ විශ්‍රාම ලබාදීමට නොහැකි බව ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වා දී ඇත. මේ හේතුවෙන් අපහසුතාවය පත්වු රණවිරුවන් පිරිසක් අද (29)  දිනContinue Reading

‘ක්ලබ් වසන්ත’ නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතන සිද්ධියට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩContinue Reading

සිංගප්පුරුවේ වෙසෙන ශ්‍රි ලංකිකයෙකුගේ මෙහෙයවීමෙන් මහර කඩවත නිවසක් තුල නීති විරෝධි අයුරින් මහා පරිමා‍ණ විස්කි ස්කාගාරයක් පවත්වාගෙන යන බවට හමුදා බුද්ධි අංශයේට ලද තොරතුරු මත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ බියගම නිලධාරින් අද(28) වැටලීමක් සිදු කර තිබෙනවා. එම නිශ්පාදනාගරයෙහි තිබී සාදන ලද මත්පැන් ස්ප්‍රීතු ලීටර් 133 කැරමල්  ලීටර 05 හිස් බෝතල්Continue Reading

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විස්සක විශ්‍රාමිකයන් 209 දෙනෙකුට මූලික වැටුප් හා ජීවන වියදම් දීමනාව වශයෙන් පන් කෝටි පනස් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. මින් තුන් කෝටියකට ආසන්න මුදලක් පසුගිය වර්ෂය වන විටත් අයකරගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ. මීට අමතරව විදෙස්ගතව සිටින විශ්‍රාමිකයන් 118 දෙනෙකුටContinue Reading

හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති බවය. ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකටContinue Reading

සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන කොට සලකන රජයක් සහ නීති පද්ධතියක් ස්ථාපිත කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. එම පක්ෂය කොළඹදී සංවිධානය කළ කාන්තා රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය. “ගැහැනු බලය එක මිටකට හෙට වෙනුවෙන්” මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කළ කාන්තා රැලියContinue Reading

ජර්මනියේ සෝලින්ගන් නගරයේ සැමරුමක් අතරතුර සිදුවූ පිහිඇනුමේ වගකීම ISIS සංවිධානය භාරගෙන තිබේ. ISIS සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ නිවේදනයක් පළ කරමින් ඔවුන් පවසා ඇත්තේ පලස්තීනය ඇතුළු ලොව පුරා පීඩාවට පත්වී සිටින මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පළිගැනීමේ අරමුණින් කිතුණුවන් ඉලක්ක කළ ප්‍රහාරකයා IS සංවිධානයේ සෙබළෙකු වන බවය. පිහිඇනුමට සම්බන්ධ 15 හැවිරිදි තරුණයෙකුContinue Reading

මිනිසාගේ ලිංගිකත්වය නිර්ණය කරන Y වර්ණදේහය ගෙවුණු වසර මිලියන ගණනක් තුළ වෙනස්කම්වලට භාජනවී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වී තිබේ. අමෙරිකාවේ ජාතික විද්‍යා ඇකඩමියේ පර්යේෂණ වාර්තාව මගින් අනාවරණය වී ඇත්තේ පසුගිය වසර මිලියන 166 තුළ Y වර්ණදේහයට එහි ජානවලින් වැඩි ප්‍රමාණයක් අහිමිවී ඇති බවය. ඒ වසර මිලියනයකට ජාන 10ක අහිමි වීමේ අනුපාතයකිනි. ඒContinue Reading