සිංගප්පුරුවේ වෙසෙන ශ්‍රි ලංකිකයෙකුගේ මෙහෙයවීමෙන් මහර කඩවත නිවසක් තුල නීති විරෝධි අයුරින් මහා පරිමාණ විස්කි ස්කාගාරයක් පවත්වාගෙන යන බවට හමුදා බුද්ධි අංශයේට ලද තොරතුරු මත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ බියගම නිලධාරින් අද(28) වැටලීමක් සිදු කර තිබෙනවා.
එම නිශ්පාදනාගරයෙහි තිබී සාදන ලද මත්පැන් ස්ප්‍රීතු ලීටර් 133 කැරමල් ලීටර 05 හිස් බෝතල් 9 වර්ණක ලීටර 05ක් ලීටර 500 හිස් බැරල් 06ක් ලේබල් මූඩි සහ නිශ්පාදනයට අවශ්‍ය යාන්ත්‍රික උපකරණ කිහිපයක් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම ස්කාගාරයක් පවත්වාගෙන යාමට සම්බන්ධ මීරිගම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකු හා පස්යාල ප්‍රදේශයේ පදිංචි වන 55 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.