පේරාදෙණිය සරසවියේ තවත් සිසුවෙකු අතුරුදන් වෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තවත් සිසුවෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි වියේ පසුවන සිසුවෙකි. පොලීසිය වැඩිදුරටත් පැවසුවේ මෙම සිසුවා නේවාසිකාගාරයේ නොමැති බවට පේරාදෙණිය පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති බවය.Continue Reading











