ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ දිනකට එක් පාසල් දරුවකුට ග්‍රෑම් 75 ක ආහාර වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ ග්‍රෑම් 75 ක ආහාර බත් වේලක් යනු ඉතා සුළු ප්‍රමාණයක් බවයි. දරුවෙකුට කෑම වේලක් දෙන්නේ නම්Continue Reading

සමගි ජන බලවේගය පිරිසක්ද තමන් සමග සම්බන්ධ වෙයි වනු ඇති බව 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. ඔහු බදුල්ලේ දී කියා සිටියේ සමගි ජන බලවේගය ද පිරිසකගේ සහාය ඇතිව නව බලවේගයක් ඉදිරියේදී ගොඩනගන බවයි. “අපි බලනව ඉදිරිකාලයේදී මේ රටට ගැලපෙන මධ්‍යෂ්ථ ප්‍රායෝගික වැඩක් කරන්න පුළුවන් වෘත්තියContinue Reading

2022 වසර ශ්‍රී ලංකාවේ සහල් නිෂ්පාදනයක් අඩුම වර්ෂයක් වනු ඇතැයි ලෝක ආහාර සංවිධානය සඳහන් කරයි. ඔවුන් විසින් නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ 2017 වසරේ පැවති නියං සමයෙන් පසු මෙරට සහල් නිෂ්පාදනය අඩුම වසර වනු ඇත්තේ මෙම වසර බවයි. මෙම වසරේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන තුනක් තරම් අඩු මට්ටමකටContinue Reading

රටපුරා ඉදිකිරීම් කටයුතුවලින් සියයට අනූවක්ම සිමෙන්ති යකඩ ඇතුළු අමුද්‍රව්‍ය හිඟය සහ ඒවායේ අධික මිල ගණන් හේතුවෙන් මේ වනවිට සම්පූර්ණයෙන්ම නතරවී ඇතැයි එම ක්ෂේත්‍රයේ ආරංචි මාර්ගවලින් පැවසේ. එසේම මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සේවකයින්ගෙන් සියයට 75කගේ පමණ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. ඉදිකිරීම්Continue Reading

නුදුරේ දීම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බවට ආරංචි ලැබී ඇතැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. එමෙන්ම සර්ව පාක්ෂි ආණ්ඩුවක් සෑදීම සඳහා විපක්ෂයේ එකඟතාවයක් තිබුණ ද ආණ්ඩු පක්ෂයේ එකඟත්වයක් නොමැති බව ද ඒ මහතා කියා සිටියේය. අද (18) පෙරවරුවේ කොළඹදී පැවති වැඩසහටනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. Continue Reading

රුසියානු ඉන්ධන නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ණය ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය රුසියානු බලධාරීන් සමග අඛණ්ඩ සාකච්ඡා පවත්වමින් සිටින බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රුසියානු ස්පුට්නික් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, අදාළ සාකච්ඡා ඵලදායීව සිදුවන අතර පවතින අර්බුදකාරී අවස්ථාවේ රුසියාවෙන් විශාලContinue Reading

ඉදිරියේ දී නව දේශපාලන බලවේගයක් බිහිකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, සියලු දේශපාලන පක්ෂවල සහය ඇතිව එම නව බලවේගය බිහිකරන බවය. බදුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේය. “පාර්ලිමේන්තුවේ බලය පාවිච්චි කරලා පොහොට්ටු රාජපක්ෂවරු නැවත බලය අල්ලන්න යනවා.  ඒකContinue Reading

තායිවානයේ ගිනිකොණදිග ප්‍රදේශයේ රික්ටර් මාපකය 6.8ක භූ කම්පනයක් හට ගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, භූ කම්පනය හේතුවෙන් එම ප්‍රදේශය අවට කුඩා ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති බවය. ඒ හේතුවෙන් ජපානයේ ඔකිනාවා ප්‍රන්තයට සුනාමී අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සුනාමි මුහුදු රළ මීටරයක් පමණContinue Reading

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුවර්ධන මහතා අද (18) පෙරවරුවේ අටමස්ථාන වැඳපුදා ගත්තේය. එහිදි අග්‍රාමාත්‍යවරයා අටමස්ථාන භාරව කටයුතු කරන නායක ස්වාමින්වහන්සේ මුණගැසී උන්වහන්සේගේ ආශිර්වාදයද ලබා ගත්තේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පෙරවරුවේ අනුරාධපුර පුජා නගරයට පැමිණියේය. එහිදි පළමුව අග්‍රාමාත්‍යවරයා ‍‍ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව රුවන්වැලි මහා සෑContinue Reading

කැස්බෑව නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකුගේ පුත්‍රයෙකු එහි ආරක්ෂක නිලධාරියෙකුට පහර දුන්නේ යැයි ලැබී ඇති පැමිණිල්ලක් මත පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට සොයයි. පහර කෑමෙන් තුවාල ලත් ආරක්ෂක නිලධාරියා රෝහල්ගත කර තිබේ. ඊයේ රාත්‍රියේ බීමතින් පැමිණි මෙම මන්ත්‍රී පුත්‍රයා එහි සිටි මෙම ආරක්ෂක නිලධාරියාට දිගට හරහට පහර දී ඇතැයිContinue Reading