එක් පාසැල් සිසුවෙකු ආහාර වේලට දිනකට රුපියල් 60යි.. බත් ග‍්‍රෑම් 75යි..

ලෝක ආහාර වැඩපිළිවෙළ යටතේ දිනකට එක් පාසල් දරුවකුට ග්‍රෑම් 75 ක ආහාර වේලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සභාපති අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ ග්‍රෑම් 75 ක ආහාර බත් වේලක් යනු ඉතා සුළු ප්‍රමාණයක් බවයි.

දරුවෙකුට කෑම වේලක් දෙන්නේ නම් එය නිවැරදිව ලබා දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ දිනකට පාසැල් සිසුවකු සඳහා ආහාර වේලක් ලබා දීමට රජය වියදම් කිරීමට බලාපොරොත්තු වන්නේ රුපියල් 60 ක මුදලක් බවයි.

එල්ල වන චෝදනා පිලිබදව ප‍්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මේ පිලිබදව තව දුරටත් සාකච්චා සිදු වෙමින් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.