මැනිං වෙළෙඳ සංකීර්ණය ගැන ඇමති ප්‍රසන්න ගත් තීරණය

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ පවතින ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ‍.

අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය, වෙළෙඳ සංගමය, පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමග එක්ව එම ගැටලු විසදීමට ගත් පියවර සම්බන්ධයෙන් තමන්ට වාර්තා කරන ලෙස ය.

පිටස්තර පාර්ශවයන් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය විවිධ විෂමාචාර ක්‍රියාවන්ට භාවිත කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බව ත් එම විෂමාචාර ක්‍රියාවල නිරත පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද පොලිසියට උපදෙස් දී ඇත.

එමෙන් ම අමාත්‍යවරයා වැඩිදුරට ත් පෙන්වා දී ඇත්තේ, පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය නවීන තාක්ෂණය සහිත වෙළෙඳ සංකීර්ණයක් ලෙස දියුණු කළ යුතු බව ය.

Leave a Reply

Your email address will not be published.