අස්වැසුම මුදල් වංචා කළ බව කියන කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක එළැඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. අස්වැසුම මුදල් වංචා කළ බවට සැක පිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිවරිය ඊයේ (13) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකාරිය විසින් අස්වැසුම මුදල් රුපියල් තිස්Continue Reading

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබනContinue Reading

කොලඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සඳහා මේ වන විට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දැඩි උණුසුම් තරගකාරීත්වයක් දක්නට ලැබෙන අතර එය මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව තිබේ. මේ සම්බන්ධව ආණ්ඩුවේ පාර්ශ්ව අදහස් දක්වමින් පැවසුවේ කොළඹ නගර සභාවේ බලය අනිවාර්යයෙන්ම ජාතික ජන බලය පිහිටුවන බවය. කෙසේContinue Reading

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර සිය දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන තවත් නඩුවක වැඩිදුර විභාගය ජූලි මස 07 වනදා දක්වාContinue Reading

ජුනි මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසයි. ඒ අනුව ලාෆ්ස් ගෑස් මිල ගණන් මෙම මාසය සඳහා ද නොවෙනස්ව පවතින බව එම සමාගම පෙන්වාදෙයි. පසුගිය අප්‍රේල් මාසයේ අවසන් වරට ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුවූ අතර එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් සහ කිලෝග්‍රෑම්Continue Reading

කහතුඩුව, සියබලාගොඩ, ඔළුපට්ටාව වැවේ පාවෙමින් තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව කහතුඩුව පොලීසිය කියයි. එම පුද්ගලයා වයස අවුරුදු 50ට වැඩි බව සිතිය හැකි යැයි පොලීසිය සඳහන් කරයි. 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරකට අනුව කහතුඩුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් වැව අසලට ගොස් සිදුකළ පරීක්ෂාවේ දී වැවේContinue Reading

අයදුම්කරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන තෙක් ශිෂ්‍ය වීසා අයදුම්පත් සඳහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබේ. ඊට අදාළ උපදෙස් මේ වනවිටත් ලොවපුරා අමෙරිකානු තානාපති කාර්යාල වෙත නිකුත් කර ඇති බවද මේ සමඟම වාර්තා වෙයි. අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝContinue Reading

තමා යුද්ධ කළේ සාමය වෙනුවෙන් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ, අද (20) උදෑසන රණවිරු සැමරුම් ස්මාරකය අසල දී පැවති පොදුජන පෙරමුණේ රණවිරු සැමරුමට එක්වෙමිනි. එම අවස්ථාවට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ,Continue Reading

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝගයක් මත දුරගමන් සේවා සඳහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ කර ඇත. ඒ අනුව හැටන් සිට දුරගමන් සේවා සඳහා යොදවා ඇති බස් ගිනිගත්හේන පොලීසිය මගින් අද (15) හදිසි පරීක්ෂාවට ලක් කෙරුණි. හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදි දුරContinue Reading

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් වන්දි ලබාදීමට තීරණය කළේය. ඒ අනුව අදාළ වන්දි මුදල් මේ වනවිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව අනතුරින් මිය ගියContinue Reading