ගාසා තීරයේ සාම ගිවිසුම යටතේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම හමාස් සංවිධානය විසින් මේ වනවිට ආරම්භ කර තිබේ. ජීවතුන් අතර සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 20 දෙනෙකු මෙලෙස අද (13) දිනයේ නිදහස් කළ අතර එහි පළමුවෙන්ම නිදහස් කළ පිරිස අතර සිටින නිවුන් සහෝදරයන් දෙදෙනෙකුගේ ඡායාරූප මේ වනවිට විදෙස් මාධ්‍ය පුරා පළ වී තිබුණි.Continue Reading

සාගරය මත ස්ථානගත කළ නෞකාවක සිට, දෙවන වරටත් ග්‍රැවිටි-වන් රොකට්ටුව අභ්‍යාවකාශය වෙත දියත් කිරීමට චීනය ඊයේ කටයුතු කළේය. ඒ එරට ෂැන්ඩොන්ග් ප්‍රාන්තයේ හයියන්ග් වෙරළට ඔබ්බෙන් වූ සාගරයේ සිටය. එම රොකට්ටුව මගින්, කක්ෂගත කිරීම සඳහා චන්ද්‍රිකා තුනක් අභ්‍යවකාශය වෙත රැගෙන ගොස් තිබේ. එම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණේ තයියුආන් චන්ද්‍රිකා දියත් කිරීමේContinue Reading

ගාසා තීරයේ සටන් විරාමක් ක්‍රියාත්මක බව ඊශ්‍රායල හමුදාව පවසයි. ගාසා තීරයේ සාම සැලසුමට එකඟතාව පළ කිරීමෙන් පසු එහි ප්‍රදේශ කිහිපයකින් සිය හමුදා ඉවත් කිරීමේ කටයුතු ඊශ්‍රායල බලධාරීන් විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව ගාසා තීරයේ වයඹ දිග ප්‍රදේශයේ ස්ථානගත කර තිබු හමුදා කණ්ඩායම් ඉවත් කර ගැනීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කරමින්Continue Reading

පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මුල්‍යයම අතින් බිලියනපති තත්ත්වයට පත් වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා ලෙසට පත් වී තිබේ. නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් ලෙස තක්සේරු කර ඇත. 40 හැවිරිදි වියෙහි පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේදී සිටContinue Reading

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ඇපකරුවන් කඩිනමින් නිදහස්වීමත් ඊශ්‍රායල එකඟ වූ සීමාවන් යටතේ ඔවුන්ගේ හමුදා ඉවත් කරගැනීමත් සිදුවනු ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා පෙන්වාදෙයි. 2023 වසරේ දී හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලContinue Reading

චීනයට අයත් එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතේ ඇති වූ දරුණු හිමපතනය සමඟ කඳුනගින්නන් 200කට ආසන්න පිරිසක් එහි කොටුවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අඛණ්ඩව ඇද හැළෙන අධික හිම පතනය හේතුවෙන් එවරස්ට් කන්දේ නැගෙනහිර මුහුණතේ පිහිටි ටිබෙට් නිම්නය ඔස්සේ කන්ද තරණය කරන පිරිසට බලපෑම එල්ල වන්නේ පසුගිය සිකුරාදා දින සිටය. මේContinue Reading

ඉන්දියාවේ ජායිපූර්හි රෝහලක ඇති වූ ගින්නකින් රෝගීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අට දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති අතර විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ඇති බව වාර්තාContinue Reading

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර වක්‍ර සාම සාකච්ඡා සඳහා වූ මැදිහත්කරුවන් හමුවීමට නියමිත බැවින් ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන්ට සම්බන්ධ සියලු පාර්ශ්වයන් වේගයෙන් ඉදිරියට යා යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමContinue Reading

එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද (5) පැවැත්වේ. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුව පන්දු යැවීමට තීරණය කළේය. නිමා වූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙන් මෙම තරගයේ දී ඉන්දු – පාකිස්තාන නායිකාවන් දෙපළ අතට අතදීමෙන් වැළකී සිටියේය.Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත. ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බව මානව හිමිකම් සඳහා වූ ටියුනීසියානු ලීගයේ ප්‍රධානියා පවසා තිබේ. 2021 වසරේ දීContinue Reading