මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව සිදුකළ විශේෂ මෙහෙයුමක් මගින් මෙම බහුදින ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇත. නිලධාරීන් භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධව ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බවත් නාවිකContinue Reading

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතර දුම්රිය පිලී පැනීමක් සිදුව තිබෙනවා. කොළඹ කොටුව සිට පෙරවරු 09.30ට මිරීගම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පැනීමකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.Continue Reading

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (23) වනවිට ලෝක රන් මිල ඩොලර් 4,485  දක්වා ඉහළ ‍ගොස් ඇත. මෙරට රත්‍රං මිල ඊයේ (22) දිනයට සාපේක්ෂව රුපියල් 7,000කින් අද දිනය වනවිට ඉහළ ගොස් ඇත. ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදියContinue Reading

2025 වසර සඳහා රජය විසින් ලබාදුන් රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය සපුරාලීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්වී තිබෙනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වන බවයි. එමෙන්ම ඉදිරි දින කිහිපය තුළ එය තවදුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව නිවේදනයක්Continue Reading

කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර හේතුවෙන් අද (23) දින පස්වරු 3 සිට රථවාහන ගමනාගමනය සීමා කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, පෙරහැර හෙලේනා ප්‍රාථමික විද්‍යාලය අසලින් ආරම්භ වී ගල්බොරැල්ල, වලන්කඩ හන්දිය අසලින් මාවතට පිවිස බියගමContinue Reading

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා නිල සංචාරයක් දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ජයිශංකර් මහතා මෙම සංචාරය සිදුකරන බවය. සිය සංචාරය තුළ දී ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත බවContinue Reading

උතුරු දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම දුම්රිය ධාවනයට විවෘත කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, අනිද්දා (24) සිට උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා යාල්දේවී දුම්රිය පහත පරිදි ධාවනයට සැලසුම් කර ඇත. එමෙන්ම, යාල්දේවි දුම්රියේ පළමු පංතියේ (වායු සමනය කළ ) සහ දෙවන පංතියේ ආසන වෙන් කිරීමේContinue Reading

“දිට්වා” සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් සකස්කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. අද (22) එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පැවසුවේ මේ වනවිටත් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ඒ සඳහා විකල්ප ඉඩම් හඳුනාගෙන ඇති බවය. එමෙන්ම කෙටි කාලයක්Continue Reading

දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා පවසයි. වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් පසුගිය දිනවලදී නිරීක්ෂණය වූ බවත් එය ගෙවුණු පැය 24 තුළ ද දැකගත හැකි වූ බවත්Continue Reading

මැණික් තොගයක් ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සඟවාගෙන චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු  කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස්වල පසුවන මුස්ලිම් ජාතික මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙක් බව වාර්තා වේ. මෙම සැකකරුවන්Continue Reading