අමෙරිකා එක්සත් ජනපදය අද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය ඇමරිකාවේත් ගෝලීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් දැඩි බලපෑම් ඇති කළ හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවති. 2025 වසරේ සිය ජනාධිපති ධුරය ආරම්භ වූ පළමු දිනයේදීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයක් මගින් WHO සංවිධානයෙන් ඉවත් වීමටContinue Reading

මාතලේ නගරයේ  සංඝමිත්තා පෙදෙසේ ඉහළ එන්ජින් ධාරිතාවෙන් යුත් යතුරු පැදි  ධාවනය කරමින් රේස් පැද්ද යතුරුපැදි දහයක් සමග එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි. එම යතුරුපැදි  අතර ව්‍යාජ ලෙස අංක තහඩු වෙනස්කර ධාවනය කළ යතුරු පැදියක්ද වන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. යතුරුපැදී ධාවනය කළ පුද්ගලයින් වයස අවුරුදු 18 ත්Continue Reading

වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 165,200ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. යුද්ධ හමුදා බුද්ධි තොරතුරු අනුව රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහාය ඇතිව ඊයේ (21) සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. එම දුම්වැටිවල වටිනාකම රුපියල් මිලියන 16.52 ක් බව සඳහන් වේ. ඉදිරි විමර්ශනContinue Reading

බදුල්ල – සොරණාතොට මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ පස්කන්දක් නායයාමේ අවදානමකට ලක්ව ඇත. මේ නිසා අවදානමට ලක්ව ඇති දෙමහල් ගොඩනැඟිල්ල පිහිටි ස්ථානය තහනම් ප්‍රදේශයක් බවට පත්කර සිසුන් සඳහා වෙනත් ගොඩනැඟිලිවල පන්ති පැවැත්වීමට පියවර ගෙන තිබේ. මෙම ස්ථානයට අමතරව ක්‍රීඩාංගණයට අයත් කොටසකද පස්කණ්ඩි කඩා වැටෙමින් පවතී. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය කළ පරීක්ෂාවේදීContinue Reading

නවසීලන්ත කඳවුරු භූමියක සිදු වූ නායයෑමකින් දරුවෙකු ඇතුළු කිහිපදෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. නවසීලන්ත සංචාරක ස්ථානයක් වන මවුන්ට් මවුන්ගනි ප්‍ර දේශයේ කඳවුරු භූමියක මෙම නායයෑම වාර්තා වී ඇති බව සඳහන් වේ. ජීවිත බේරාගත් අය සොයා ගැනීමට ගලවා ගැනීමේ කණ්ඩායම් කටයුතු කරමින් සිටියි. පවතින තද වැසි සහ අධිකContinue Reading

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 501ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මාදම්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (22) අලුයම මාදම්පිටිය, සත්හිරු සෙවණ මහල් නිවාසය අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් පරීක්ෂා කිරීමේ දී ඔවුන් සන්තකයේ තිබී මෙම අයිස් තොගය සොයාගෙන ඇත. 24 හැවිරිදි සහ 29 හැවිරිදිContinue Reading

නීතිවිරෝධි ලෙස උපයා ගන්නා ලද රුපියල් මිලියන 62 කට අධික වටිනා දේපළ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ක්‍රියා විරහිත කිරීමට කටයුතු කර තිබේ. ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මත්පැන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇත.Continue Reading

හෙට (23) දින සිට, පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවය. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අම්පාර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම්Continue Reading

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ඉන්දියාවට නොයන්නේ නම්, ඔවුන් වෙනුවට වෙනත් කණ්ඩායමක් ආදේශ කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) අද (21) තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව බංග්ලාදේශය වෙනුවට වෙනත් රටක් ආදේශ කරන බව බංග්ලාදේශ රජයට හා එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවContinue Reading

ඉන්දීය යුද හමුදාපති උපේන්ද්‍ර ද්ව්වේදි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ප්‍රදානය කළ නව ජීප් රථ 20ක් භාවිතයට ගැනීමත් සමග ශ්‍රී ලංකා යුද හමුදාවට මසකට රුපියල් මිලියන 1.5ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවී තිබේ. මෙම ජීප් රථ තොගය ඉන්දීය යුද හමුදාපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර ශ්‍රී ලංකා යුද හමුදාව වෙත නිල වශයෙන්Continue Reading